කදාන හෙද විදුහලේ පුහුණුව ලබන සිසු සිසුවියන් වෙනුවෙන් ළමා මනෝසමාජීය සේවා හා ළමා ආරක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.
ළමා සංවර්ධන මධ්‍යස්ථාන වෙත යොමු කරමින් දරුවන්ගේ විවිධ මානසික තත්ත්වයන්, ගැටළු සහ අවශ්‍යතා හඳුනාගැනීම, ආපදා තත්ත්වයන් පසු දරුවන්ගේ ආතති කළමනාකරණය, මනෝසමාජීය මැදිහත්කරණ ක්‍රමවේද සහ රෝහල් සේවාවේදී හෙද නිලධාරීන්ට මුහුණ දීමට සිදුවන ළමා සම්බන්ධ විශේෂ අවස්ථා පිළිබඳ මෙහිදී දැනුවත් කිරීම් සිදු කරන ලදී.
මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී දමයන්ති ධනපාල මහත්මිය විසින් ලබා දුන් අතර, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සේවාවන්, ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය, ළමා සංවර්ධන මධ්‍යස්ථානවල ක්‍රියාකාරීත්වය සහ අයිතිකරුවකු හඳුනාගත නොහැකි දරුවන් නීත්‍යානුකූලව හදා වඩා ගැනීමේ ක්‍රමවේද පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
දරුවන් තුළ සහජීවනය, ආකල්ප හා පෞරුෂ සංවර්ධනය සහ නායකත්ව ගුණාංග වර්ධනය කිරීම පිළිබඳ දැනුවත් කිරීම් සඳහා ජාතික ඒකාබද්ධතා නිලධාරී රෝහණ දිසානායක මහතා සහ විදේශ කටයුතු සංවර්ධන නිලධාරී ලක්මිනී වනසිංහ මහත්මිය ද එක්ව සිටියහ.
ප්‍රාදේශීය ලේකම් නදීශානි අමරසිංහ මහත්මියගේ මගපෙන්වීම යටතේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් උපේක්ෂා කපුරුබණ්ඩාර මහත්මියගේ අධීක්ෂණය යටතේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී දමයන්ති ධනපාල මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
දින දෙකක් පුරා පැවති මෙම වැඩසටහන තුළ ළමා සංවර්ධන මධ්‍යස්ථාන දරුවන්ගේ හැකියාවන් හා කුසලතා වර්ධනය කිරීම සහ ඔවුන් ඇගයීමද සිදු කෙරිණි.











Leave a Reply