“රටම එකට – ජාතික මෙහෙයුම” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන ජාතික විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතියට අනුව බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් සංවිධානය කර ක්‍රියාත්මක කර තිබේ.
ජාතික විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ තෙවන දිනය වන අද (03) දින මත්ද්‍රව්‍ය භාවිතයේ අවදානම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වූ අතර, ප්‍රජාව අතර අත්පත්‍රිකා බෙදාහැරීම, දැනුවත් කිරීමේ ස්ටිකර් ප්‍රදර්ශනය කිරීම සහ මහජන දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් ද සිදු කෙරිණි.
එමෙන්ම අන්තරාජක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඇතිවන සමාජීය හා සෞඛ්‍ය අවදානම් පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන්ද මෙහිදී පැවැත්විය.
ජාතික විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කය පුරා තවදුරටත් විවිධ ජනතා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද වාර්තා වේ.











Leave a Reply