2025 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය වේයන්ගොඩ බණ්ඩාරනායක ජාතික පාසලේ ඩබ්ලිව්.එම්.ආර්. ඊශානි මනෝදා ශිෂ්‍යාව හිමිකරගෙන ඇත.
නිට්ටඹුව, හොරගොල්ල වත්තේ පදිංචි ඇය ක්‍රීඩා උපදේශකයකු වන උපුල් ප්‍රියන්ත මහතාගේ සහ බැංකු ක්ෂේත්‍රයේ සේවයේ නිරත ජනනී පෙරේරා මහත්මියගේ එකම දියණියයි. ඇගේ සොහොයුරා නිට්ටඹුව සංගබෝධි විද්‍යාලයේ අධ්‍යාපනය ලබයි.
පත්තලගෙදර විද්‍යාලෝක මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා, 5 වසර ශිෂ්‍යත්වය සමත් වී වේයන්ගොඩ බණ්ඩාරනායක ජාතික පාසලට ඇතුළත් වූ ඇය, අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයෙන් විෂයන් 09ටම A සාමාර්ථ ලබා දස්කම් දැක්වීය.
ඊශානි මනෝදා ශිෂ්‍යාව පාසලේ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ අංශ ශිෂ්‍ය නායිකාවක් ලෙසද, තූර්ය වාදක කණ්ඩායම ඇතුළු බාහිර ක්‍රියාකාරකම් රැසකටද සක්‍රීයව දායක වී තිබේ.
තම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, අධ්‍යාපන කටයුතු සමඟ බාහිර ක්‍රියාකාරකම් සමාන්තරව සිදු කරමින් ගුරුවරුන්ගේ සහ මවුපියන්ගේ සහයෝගය තම සාර්ථකත්වයට හේතු වූ බවයි.
අනාගතයේදී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට ගොස් රටට සේවය කිරීමට තමන් බලාපොරොත්තු වන බවද ඇය පැවසීය.
මේ අතර, පාසලේ විදුහල්පති සමීර සෝමරත්න මහතා සඳහන් කළේ, අධ්‍යාපන සහ බාහිර ක්‍රියාකාරකම් දෙකම සාර්ථකව කළමනාකරණය කරමින් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් මෙම ශිෂ්‍යාව පාසලට මෙන්ම රටටම ආදර්ශයක් බවයි.











Leave a Reply