යක්කල ප්‍රදේශයේදී නීතිවිරෝධී විද්‍යුත් දුම්වැටි (E-Cigarettes) 65ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ විශේෂ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 42ක් වන විරඟුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළේය.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු අන්තර්ජාලය ඔස්සේ පාසල් සිසුන් සහ තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් මෙම විද්‍යුත් දුම්වැටි අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇති බවයි.
සැකකරු සන්තකයේ තිබූ විද්‍යුත් දුම්වැටි 65ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.











Leave a Reply