නිරිත දිග මෝසම් සමයත් සමඟ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා ගත යුතු කෙටි කාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (22) පැවැත්විණි.
මෙහිදී ඩෙංගු මර්දනය සඳහා කෙටි කාලීන වැඩපිළිවෙළක් ලෙස රාජ්‍ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි ක්‍රියාමාර්ග ගැනීම සඳහා චක්‍රලේඛ නිකුත් කිරීමට තීරණය කර තිබේ.
🔴 ප්‍රධාන තීරණ
✅ ජූනි 24, 25 සහ 26 යන දින තුන තුළ ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
✅ ත්‍රිවිධ හමුදාවේ මූලිකත්වයෙන් අධීක්ෂණ ඒකකයක් පිහිටුවීම
✅ ඩෙංගු මර්දනයට අදාළ නීතිමය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කිරීම
✅ ප්‍රජා ශක්ති සහ මහජන ආරක්ෂක කමිටු මඟින් ප්‍රාදේශීය මට්ටමේ මර්දන කටයුතු ශක්තිමත් කිරීම
සාකච්ඡාවේදී අනාවරණය වූයේ පාසල්, කර්මාන්තශාලා, රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථාන බහුල වශයෙන් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව එම ස්ථාන ආවරණය වන පරිදි කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ.
එමෙන්ම අනාගතයේ මෙවැනි ඩෙංගු ව්‍යාප්ති තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ගත යුතු දිගුකාලීන සැලසුම් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
මෙම අවස්ථාවට රාජ්‍ය ආයතන රැසක නියෝජිතයන්, ජාතික ඩෙංගු මර්දන ඒකකය, ජාතික බෝවන රෝග විද්‍යායතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ මහනගර සභාව සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.











Leave a Reply