මීගමුව නාගරික මන්ත්‍රීවරයෙකුට පහරදුන් බවට ත්‍රිරෝද රියදුරෙකු රිමාන්ඩ්

මීගමුව නාගරික මන්ත්‍රීවරයෙකුට පහරදුන් බවට ත්‍රිරෝද රියදුරෙකු රිමාන්ඩ්

මීගමුව නගර සභාවේ ජාතික ජන බලවේගය නාගරික මන්ත්‍රීවරයකුට පහර දුන් බවට චෝදනා ලැබූ ත්‍රිරෝද රථ රියදුරෙකු පෙබරවාරි 2 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා නියෝග කර තිබේ.

එදිනට සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව වාර්තා වේ.

පහර කෑමට ලක්ව ඇත්තේ මරදාන පාර, මීගමුව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි දිපාල් වීරමුන්ඩි නම් පුද්ගලයෙකි. ඔහු නාගරික මන්ත්‍රීවරයකු වන අතර, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කාර්මික ශිල්පියකු ලෙසද සේවයේ නිරතව සිටින බව සඳහන්ය.

විමර්ශන අනුව, ආයතනයට අයත් කැබ් රථයකින් මාර්ගයේ ගමන් කරමින් සිටියදී ත්‍රිරෝද රථ රියදුරෙකු මාර්ගය හරස් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව මීගමුව පොලීසිය අනාවරණය කරයි.

තුවාල ලැබූ මන්ත්‍රීවරයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබා පසුව නිවසට ගොස් ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයට වැඩිදුර කරුණු වාර්තා කරන බවත් පොලීසිය පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂක තල්වත්ත, විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ජයසුන්දර, පොලිස් සැරයන් විජේනායක (7325) සහ අධිකරණ පොලිස් සැරයන් බණ්ඩාර යන නිලධාරීන් විමර්ශන කටයුතු සිදු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media