වත්තලදී රු. මිලියන 72ක නීතිවිරෝධී මත්පෙති 7,44,500ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

වත්තලදී රු. මිලියන 72ක නීතිවිරෝධී මත්පෙති 7,44,500ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් හත් කෝටි විසි ලක්ෂයක් (රු. 72,000,000) පමණ වටිනා නීතිවිරෝධී මත්පෙති 7,44,500ක විශාල තොගයක් පෙරේදා (2) පස්වරු 1.30ට පමණ වත්තල – මීගමුව පාරේදී අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිසිය සමත් විය.

නාවික හමුදා බුද්ධි අංශය මගින් ලබාදුන් රහස් තොරතුරකට අනුව, වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ජයලත් මහතාගේ මෙහෙයවීමෙන්, බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් අසංක මහතාගේ උපදෙස් මත සැකකටයුතු ලොරි රථයක් පරීක්ෂා කර ඇත.

එහිදී මිලිග්‍රෑම් 150 ප්‍රමාණයේ මත්පෙති 145,500ක් සහ මිලිග්‍රෑම් 300 ප්‍රමාණයේ මත්පෙති 599,000ක් සොයාගෙන තිබේ.

අදාළ ලොරි රථයේ රියැදුරු (අවුරුදු 32) සහ සහයක (අවුරුදු 28) යන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊයේ (03) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු වත්තල පොලිසිය විසින් මෙහෙයවනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media