,

ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු අධි අවදානම් කලාප 10ක් හඳුනාගනී

ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු අධි අවදානම් කලාප 10ක් හඳුනාගනී

දිවයින පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝග තත්ත්වය පාලනය කිරීම සහ මර්දන කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරී වසම් 538ක් අධි අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයට අනුව බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් රැසක් මෙම අධි අවදානම් ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, සීදුව, කැලණිය, රාගම, මිනුවන්ගොඩ, මීගමුව, බියගම, වත්තල, කටාන සහ මහර යන ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් රැසක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මදුරු බෝවන ස්ථාන ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් ජනතාව සිය නිවාස හා අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට විශේෂ අවධානය යොමු කළ යුතු බවයි.

විශේෂයෙන්ම ජලය රැඳෙන භාජන, ටයර්, පොල් කටු, ප්ලාස්ටික් බෝතල් සහ අනෙකුත් අපද්‍රව්‍ය නිසි ලෙස ඉවත් කර මදුරු බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඩෙංගු මර්දන වැඩසටහන් මේ දිනවල දිස්ත්‍රික්ක රැසක ක්‍රියාත්මක වන අතර, අවදානම් කලාපවල පදිංචිකරුවන් එම වැඩසටහන් සඳහා සහයෝගය ලබාදීම වැදගත් බව ද අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media