නීත්‍යනුකූල නොවන ලෙස එකලස් කරන ලද නවීන සුඛෝපභෝගී රථ ඇතුළු වාහන 20ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම නීති විරෝධී වාහන සංවිධානාත්මක අපරාධ සඳහා භාවිතා කර ඇති බවට අනාවරණය වී ඇති අතර, එම වාහන එකලස් කිරීම සඳහා පොලිස් හා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගයද ලැබී ඇති බවට තොරතුරු හෙළිවී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩවත, ගම්පහ සහ ජාඇල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගෙන් ලද තොරතුරු මත කඩවත, මීගහවත්ත සහ මොනරාගල ප්‍රදේශවල තිබී මෙම වාහන සොයාගෙන ඇත.
මෙම සිද්ධියට සම්බන්ධව නීති විරෝධීව එකලස් කරන ලද වාහන 40කට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳවද තොරතුරු අනාවරණය වී තිබේ.
පොලිස් භාරයට ගත් වාහන අතර සුඛෝපභෝගී මෝටර් රථ, ජීප්, වෑන්, ලොරි සහ යතුරුපැදි ද ඇතුළත් වේ.
එමෙන්ම, තමන්ගේ වාහනය සොරකම් වී හෝ අස්ථානගත වී ඇත්නම් 0112947780 දුරකථන අංකයට දැනුම්දෙන ලෙස බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අදාළ අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.











Leave a Reply