වත්තල ප්‍රාදේශීය සභාවේ වැලිසර උප කාර්යාලයේ සේවය කළ තාක්ෂණික නිලධාරියෙකු අල්ලස් චෝදනා මත ඊයේ (07) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව, ගොඩනැගිලි සැලැස්මක් අනුමත කර දීම සඳහා රුපියල් 50,000ක අල්ලසක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුව සිදු කර ඇති බව වාර්තා වේ.
පැමිණිලිකරු විසින් අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබූ ගොඩනැගිලි සැලැස්මේ අඩුපාඩු පෙන්වා දී, එම අඩුපාඩු නොසලකා හැර සැලැස්ම අනුමත කර දීමට අවශ්‍ය කටයුතු සිදු කර දෙන බව පවසමින් අල්ලස් ලෙස මෙම මුදල ඉල්ලා ඇති බවත්, ඒ අනුව අල්ලස් කොමිසම විසින් මෙහෙයුමක් ක්‍රියාත්මක කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වේ.











Leave a Reply